school_2.jpeg
images/school_3.jpeg
images/b1.jpeg
images/s9.jpeg
images/b2.jpeg
images/b4.jpeg
images/a3.jpeg
images/a1.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

සිප්සතෙන් පිරිපුන්ව යහගුණෙන් ඉදිරියට

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන මධ්‍යම පළාතේ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත කලාපයේ ඉතාමත් මනරම් වූ ප්‍රදේශයක් වන අධිකාරිගම ග්‍රාමයේ නූ/වික්ටෝරියා ජාතික පාසල පිහිටා ඇත.
වර්ෂ 1937 සැප්තැම්බර් පළමු වන දින ආරම්භ කරන ලද වික්ටෝරියා ජාතික පාසලෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස පී.බී.රත්නායක මහත්මයා සේවය කරන ලදි.
ග්‍රාමීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දිවි පෙවෙත ආලෝකමත් කිරීමට හා ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමට සමත් වූ වික්ටෝරියා  විදු මෑණියන් වර්ෂ 2000 අගෝස්තු 23 වන දින ජාතික පාසලක් බවට පත් විය.ද්විතීයික අංශය යටතේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන අතර එය මැනවින් ඉටු කිරීමට කැපවෙන ගුරු මඩුල්ලක් සහ  කාර්යය මණ්ඩලයක් අප විද්‍යාලය සතුව පවතී.අක්කර 13 ක් වැනි වපසරියක ව්‍යාප්තව පවතින අප විද්‍යාලයෙහි ගුරු මහත්ම මහත්මීන් 50 ක් වැනි ප්‍රමානයක් සේවය කරනු ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යයාවන්  700 ක් පමණ  ද්විතීයික අධ්‍යාපන ක්‍රමය යටතේ පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. පාසලේ  6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලූම  ශ්‍රේණීන් නිසි ආකාරව ක්‍රියාත්මක වන අතර විද්‍යා,වාණිජ,කලා අංශ යටතේ උසස් පෙළ සිසු සිසුවියන්  අධ්‍යාපන කටයුතු සිදුකරනු ලැබේ .
වික්ටෝරියා විදු මවගේ සෙවණ යටතේ ගුරු හරුකම් ලබන ශිෂ්‍ය  ශිෂ්‍යයාවන්ගේ අනාගතය ආලෝකමත් කිරීම අප පාසලේ ඒකායන අරමුණයි

Read More

පාසලේ මෙහෙවර


ලොවටත්, මව්බිමටත් අවැසි පරිදි, හිස, හදවත හා දෑත් සවිබල ගන්වා, දැයේ අභිමානය හා උරුමය රැකීමට කැපවූ, පරිසර හිතකාමී,  ක්‍රියාශීලී,නිපුණතා පූර්ණ විනයගරුක දරු  පරපුරක් සමාජයට තිලිණ කිරීම අපගේ මෙහෙවරයි.

 

 

 

0

Notifications

Today
Older

Notice Board

පෝෂණ වැඩසටයන

Kandurata MV