නු/වික්ටෝරියා ජාතික පාසලේ ඉගෙනුම ලබන සුවීනීත ශික්ෂාකාමී දරුවෙකු වශයෙන් මම මෙයින් දිවුරා පොරොන්දු වෙමි.
මම පොදු දේපල වලට හානි නොකරමි.
පරිසර හිතකාමියෙකු වෙමි.
ළමාවිය නොමගට යොමු කරන වැරදි පුරුදු වලට මම ඇබ්බැහි නොවෙමි.
විදුහලේ කීර්තිනාමයට හානි නොකරන මා , ඉගෙනුම සාර්ථක කරගෙන යහපත් පුරවැසියෙකු වශයෙන් සමාජයට පිවිසීමට අධිෂ්ඨාන කර ගනිමි.