පාසල් ගීතය
නිල් කඳු වළලු බිමෙ
මහවැලි සිරිවිඳ වැජඹෙන නිතියෙන්
සිප්සත අභිමානෙන් අප පුබුදන
විදුහල් මවුනි දයා...
වික්ටෝරියා ජාතික පාසල් මව්
සමරමු සිරස නමා...
ලකඹර දුදුලන හිරු සඳු විලසින්
එකළු කරන්නට විදුනැණ එළියෙන්
මාවත එළි කළකර විදුහල් මෑණි
රකිමු ඔබේ නම බැතියෙන්...
විනයගරුක පරපුරක් දකින්නට
පිළිපැද ගුරු ඔවදන්
ජය හඬ නඟමින් ජයනද බඳිමින්
මතුකොට එඩිබල වීර විකුම්...
විශ්වයටම දස්කම් විදහන්නට
විරු දරුවන් විලසා
එකම ධජය යට අත්වැල් බැඳ ගමු
මියැසි කැලක් සේ මා...
සමරමු සෙනෙහසිනි...
ඔබ අප විදුහල් මෑණි..