(+94) 815634871
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • Register
  • Login
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
      • ශිෂ්‍ය ප්‍රතිඥාව
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

නු/වික්ටෝරියා ජාතික පාසලේ සිසු සිසුවියන් අනුගමනය කළ යුතු පිළිවෙත් මාලාව

 

සියලුම සිසුන්

  1. පෙ. ව 7.20 ට පෙර, තමාට නියමිත (පංතියේ හා මිදුල්) කොටස පිරිසිදු සර අවසන් කළ යුතුය. තමා නොපැමිණන විට හෝ යම් විටෙක ප්‍රමාද විය. හැකි නම්, තම වගකීම මිතුරෙකු / මිතුරියක ලවා හෝ ඉටු කර විය යුතුය.
  2. පාසල පැවැත්වෙන කාලය තුළ, පාසල් ලාංඡනය සහිත, සම්පූර්ණ පිරිසිදු පාසල පිළිගත් ප්‍රමිතියේ නිලු ඇදුමෙන් සැරසි සිටිය යුතුය. (සීඩා ඇඳුමකින් හෝ වෙනත් නිල ඇඳුමකින් සැරසීමට අවසරය තිබිය යුතුය.)
  3. පාසල් සීනු නාද කෙරෙන රටාව අවබෝධ කරගත යුතු අතර සීනු හඬ ඇසුණු සැනින් නිශ්ශබ්ද වී දෙවනුව වහා ක්‍රියාත්මක විය යුතුය.
  4. නියමිත ස්ථානවල සිට, ආගමික වතාවත්, දවසේ සිතුවිලි, ශරීර සුවතා වැඩිසටගත හා නිවේදන විකාශනය වන විට දී නිශ්ශබ්දව සවන් දිය යුතු අතර උචිත ලෙස හැසිරිය යුතුය. (එවිට, ඇඳීමෙන් වැළකිය යුතුය.)

5…ජාතික ගීය, පාසල් ගීය විකාශනය වන විට දී තමා සිටින තැන සිට සීරූවත් සිට ගායනා කළ යුතුය. (එවිට ඇවිදීමෙන් වැළකිය යුතුය.)

  1. ශිෂ්‍ය නායක නායිකාවන්ගේ/පංති නායක නායිකාවන්ගේ අධීක්ෂණයයක් පිරිසිදු කිරීම අවසන් වූ පංතිවල පමණක් ඉගෙනීම් කටයුතු ආරම්භ විය යුතුය
  2. විවේක කාලයේ හැරුණුවිට, අන් සෑම විටෙකම, පංතියකින් බැහැර විය හැක්කේ, එක් සිසුවකුට හෝ සිසුවියන් දෙදෙනෙකුට, අවසරපතක් අතැතිඩ සාමණක් විය යුතුය, (ඊට වැඩි පිරිසකට බැහැර වීමට විශේෂයෙක් අවසය ගත යුතුය.)
  3. ගුරුතුමකු ගුරුතුමියක හමු වූ සථාකිරීමේ දී මදක් නැවතී, අවසරගය බාධාවක් වූ බව හැය නම් කණගාටුව ප්‍රකාශ කර තම් අවශතාව ඉදිරිපත් කළ යුතුතුය. කුරුභවතුන්ගේත්, ශිෂ්‍යනායක නායිකාවන්ගේත් බසට පළමුව අවපාත විය යුතු අතර, දෙවනුව නම් අදහස ඉදිර්පත් කළ හැකිය. එම අවශ්‍යතාව ඉටුවීම වෙනුවෙන් ස්තූති කිරීමට හුරුවිය යුතුය.
  4. පාසලට පොලිතින් ගෙන ඒම තහනම්ය. එනිසා ආහාර රැගෙන ඒමට ප්ලාස්ටික් පෙට්ටියක් යොදාගන්න. අනුභව කිරීමට හැන්ඳක් යොදා ගැනීමට හුරුවන්න, විදුරු බෝතලයක හෝ අලුත් ප්ලාස්ටික් බෝතලයක හෝ වෙනත් බඳුනක පානීය ජලය ගෙන ඒමට කටයුතු කළ යුතුය.
  5. පාසල් භූමිය තුළ, තැන තැන අනවශ්‍ය ද්‍රව්‍ය දමා යාමෙන් වැළකිය යුතු අතර, එවැන්නක් දුටු විට වහා ඉවත් කිරීමට හුරුවිය යුතුය.
  6. පාසල් පරිසරය අපවිත්‍ර නොකළ යුතු අතර එය අලංකාරව පවත්වා ගැනීමට සහයෝගය දැක්විය යුතුය.

12 පංති කාමර තුළ ඝෝෂා කරමින් සෙසු අන් අයහට බාධා වනසේ හැසිරීමත්, නිකරුණේ පංති අවට සැරිසැරීමත් නොකළ යුතුය.

  1. විෂය සමගාමී හෝ විෂය සමගාමී කටයුත්තකට පිට ව යන විට පේළියකට ගමන් කළ යුතුයි.
  2. කාලච්ඡේද ආරම්භයේ හා අවසානයේ ගුරුභවතුන් පැමිණන හා පිටවන විට දී නිශ්ශබ්දව නැගී සිට සුබ පැතීමට සියල්ලෝම කටයුතු කළ යුතුය.
  3. කාලච්ඡේදය අවසන් වී විෂය භාර ගුරු භවත…කාලච්ඡේදය අවසන් වී විෂය භාර ගුරු භවතා නික්ම ගිය පසු, ඊළඟ විෂය භාර ගුරුභවතා පැමිණ නොමැතිනම් පංති නායකයාගේ නායිකාවගේ මෙහෙයවීමෙන් නියමිත පැවරුමෙහි යෙදිය යුතුය.
  4. තම පෙළපොත්, අභ්‍යාස පොත් කවර දමා, පවිත්‍රව පිළිවෙලකට තබා ගත යුතුය.
  5. රැස්වීම් සඳහා සියලු දෙනා සහභාගීවීම අනිවාර්ය වන අතර, ඒ සදහා අදාළ සීනු නාදය හෝ නිවේදනයෙන් පසු පංතිවල සිට දෙදෙනා බැගින් පෙළට ගමන් කළ යුතුය. රැස්වීම් භූමියේ පේළි ලෙස සිට ගත් පසු රැස්වීම අවසන් වනතුරු නිශ්ශබ්දව සිටිය යුතුය.
  6. වැසිකිළි, කැසිකිළි භාවිත කර පිරිසිදු කර පැමිණිය යුතු අතර ජලය අපත් නොයන පරිදි ජල කරාම නිසිලෙස වැසිය යුතුය.
  7. ජල කරාම භාවිතයෙන් පසු නිසිලෙස වසා දැමිය යුතු අතර, ජල කරාමය වෙත පැමිණි පිරිස වැඩිනම්, පැමිණි අනුපිළිවෙලින් කරාම වෙත යොමු වී ජලය අපතේ නොයන පරිදි හා විනීතව කටයුතු කළ යුතුය.
  8. සිසුවෙකුට සිසුවියකට ළඟ තබාගැනීම අනුමත කළ නොහැකි. පාසළේ චිනයට පටහැනි ලෙස ආචාර්ය මණ්ඩලය පිළිගන්නා, අනිසි දේ ළඟ තබා ගැනීමට හෝ අවිනීත චර්යාවල යෙදීම, (අනිසි ඡායාරූප, ලියවිලි ප්‍රකාශන මත්ද්‍රව්‍ය හෝ සැකයට තුඩු දෙන දුවය. ජංගම දුරකථන ළඟ තබාගැනීම, පාසල තුල සිට දුරකථන ඇමතුම් දීම හෝ ප්‍රතිචාර දැක්වීම, අනවසරයෙන් කැමරා භාවිතය, මාල වළලු පාට නූල් ඔරලෝසු පැළඳීම, ඇතුළු එවැනි චර්යාවල යෙදීම.) වරදක් වන බැවින් ඒවා සපුරා තහනම් වේ.
  9. පෙ.ව. 7.30 සීනු නාදයට පසු පැමිණෙන සිසුන් ගේට්ටුව දෙපස සිට ආගමික වතාවත්වල යෙදිය යුතු අතර, ප්‍රමාදයට පහේතුව මුරකුටියේ ඇති පොතේ සටහන් කළ යුතුය.

22 නිසි නිල ඇඳුම්, නිසි ලෙස කොණ්ඩය සකසා ගැනීම හා නිසි පාවහන් පැළදීමට දෙන අවවාද පිළිපැදිය යුතුය. ( එකී අවවාද නොපිළිපදින්නෝ පිළිබඳව දිනට ගේට්ටුව භාර ගුරුභවතාගේ පංති භාර ගුරුභවතාගේ ශිෂ්‍ය නායකයාගේ නායිකාවගේ අවවාද කිරීම වාර දෙදකට පසු) අංශ ප්‍රධාන මයා මිය මගින් දෙමාපියන් දැනුවත් කෙරෙනු ඇත.)

  1. පාසල් කාලය තුළ අනවසරයෙන් බැහැර යාම පුරා තහනම් වන්නේ ය.
  2. පාසල නිමවීමට සීනුව නාද වූ පසු, අනවශ්‍ය ශබ්ද ඇති කිරීමෙන් වැළකී. ඡත්ත මානවක ගාථා සජ්ඣායනා කළ යුතු අතර, පංති වල සිට දෙදනා බැගින් පේළි ලෙස ගමන් කළ යුතුයි. විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුවේ සිට බදුල්ල දෙසට පළමු වංගුව තෙක්ද මහනුවර දෙසට ඇගලුම් කම්හල් තෙක් ද පේළි ලෙසම විනීත ව ගමින් කළ යුතුය.
  3. ගැටුමක් ඇතිවීමට සූදානමක් හෝ ඊට මැදිවීමෙහි අවදානමක් දැනුණු වහාම, ඒ පිළිබඳව පංති භාර හෝ විෂය භාර ගුරු භවතෙකු දැනුවත් කිරීම පළමුව කළ යුතුය. ආරවුල් ඇති කිරීමට සම්බන්ධවීම හෝ අනියමින් සහාය දැක්වීම වරදක් බව දැන, විනය ගරුකව හැසිරිය යුතුය. සියළුම සිසුන් සමග සහයෝගයත් සහෝදරත්වයෙන් කටයුතු කළ යුතුය.
  4. පායල් සියලුම සම්පත්වලට අලාභහානි කිරීම අනවසරයෙන් බෝග නෙහා ගැනීම වරදක් බැවින් ඉන් වැළකී විමසිල්ලෙන් කටයුතු කළ යුතුය27. නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් අවහිර බාධා, අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින්, පෞද්ගලික ආරක්ෂාව කෙරෙහි සැළකිලිමත් විය යුතුය. කම අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන පරිදි හැසිරිය යුතුය. (පොල්ගස් යට, පළ්‍ය සහිත තැන්වල, අබන් ද්‍රව්‍ය ගබඩා කර ඇති කැන්වල ගැවසීම, ගස් නැගීම නොකළ යුතුය.)
  5. ක්‍රීඩා පිටියට පිවිසීම, විවේක කාලයෙන් බැහැර වේලාවක ආපන ශාලාවට යාම ගුරුභවතෙකුගේ අවසරය මත පමණක් කළ යුතු වේ.
  6. පහළ පංතිවල සිසු සිසුවියන්, වැඩිහිටි සිසු සිසුවියන්ගේ මඟ පෙන්වීමකට සවන්දීමකට බැඳී සිටින අතර, වැඩිහිටි සිසු සිසුවියන් ද කාටත් ආදර්ශයක් විය හැකි අවවාද දීමට උචිත චරිත ලක්ෂණ පවත්වා ගන්නා උද්යෝගිමත් සිසුවෙකු සිසුවියක ලෙස කටයුතු කළ යුතුය.
  7. දිනපතා පාසල් පැමිණිය යුතුය. පාසල් නොපැමිණෙන විට හේතු සඳහන් යකුරුණු දෙමාපියන්ගේ ලිපියක් පංති භාර ගුරුභවතාට ගෙනවිත් භාර දිය යුතුය.

31.සමිති සමාගම්වලට හා විෂය සමගාමී කටයුතුවලට සහභාගී විය යුතුය.

  1. තරංග, විෂය සමගාමී කටයුත්තක් සඳහා හෝ පසලෙන් බැහැර ස්ථාන කරා යාමේ දී, සම්පූර්ත නිල ඇඳුමෙන් සැරසී, විදුහල්පති තුමා හා විෂය භාර ගුරුතුමා/තුමිය හමු වී ආශිර්වාද හා උපදෙස් ලබා පමණක් පාසලෙන් බැහැර විය යුතුය.
  2. අතිරේක පන්තිවලට සුදුසු ඇදුමකින් සැරසී පැමිණිය යුතුය.
  3. කිසියම් කටයුත්තක් සදහා පැමිණෙන්නේ නම්, ගුරුභවතකුගේ කිසි අවසරය ලබා තිබිය යුතුය.
  4. නිකරුණේ පාසල් භූමිය තුළ රැඳී සිටීම සපුරා තහනම් වන්නේය.
  5. බාහිර පුද්ගලයන් පාසලට කැටුව එම විශේෂ අනුමැතියට යටවිය යුතුය.
  6. විදුහලේ කීර්ති නාමයට හානි නොකළ යුතු අතර එවැනි ක්‍රියාවකට අනුබල දීම ද නොකළ යුතුය.
  7. මෙහි ඇතුළත් නොවන නමුත් ශිෂ්‍ය විනය කෙරෙහි අදාළ වන සියලුම කටයුතු සම්බන්ධයෙන් නව නීති පැන වීමටත් තීරණ ගැනීමටත් ක්‍රියාකිරීමටත් විදුහල්පති තුමාට බලය පවතින්නේ ය

 

VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajamavatha , Adhikarigama

: (+94)815634871

: (+94)815634871

: [email protected]

Supported By

© 2026 VICTORIA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk