ගඟවට කෝරළේ මහත්මයා විසින් පරිත්‍යාග කරනු ලැබූ ඉඩමෙහි 1938/09/01 දින නු/හගු /ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලය නමින් ඇරඹු පාසලෙහි ආරම්භක විදුහල්පතිවරයා වශයෙන් පී.බී. රත්නායක මහත්මා සේවය කරනු ලැබුවේය. වර්ෂ 2008/08/23 දින සිට මෙම විදුහල ජාතික පාසලක් බවට පත්වූයේ නු/හගු /වික්ටෝරියා ජාතික පාසල යන නමිනි. ඒ කාර්යය භාර්යය සිදුවූයේ පී.බී.එස්.රත්නායක මහතා විදුහල්පති ධූරය දැරූ අවධියේය. ඩී.සරත් කුමාරසිරි මහතා සහ පී.එස්.එල්.ඩී.ඒ.සේනානායක යන විදුහල්පතිවරු විදුහල්පති ධූරය දැරූ අවධියේ 1AB පාසලක් බවට නු/හගු/වික්ටෝරියා ජාතික පාසල පත්විය.