මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්වී පාසල් වලට හඳුන්වා දී ඇති පරිසර නියමු වැඩසටහන වසර ගණනාවක් මුළුල්ලේ අප පාසලේ පවත්වාගෙන යනු ලබන සෑම වසරකම 6 ශ්‍රේණියේ සිසුන් 30 ක කණ්ඩායමක් මේ සඳහා බඳවා ගැනේ. එහිදී පරිසර නියමුවන් විසින් ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි. එනම් පැළ සිටුවා අඛණ්ඩව නඩත්තු කිරීම, පොලිතීන් වලින් තොර පරිසර හානිය අවම වන ලෙස පන්ති කාමරය පවත්වා ගැනීම, පරිසරය සම්බන්ධව සටහන් පොතක් පවත්වාගන යාම, පාසලේදී , නිවසේදී පරිසර සංරක්ෂණ වැඩකටයුතු සිදු කිරීම, පරිසරය සම්බන්ධ සාමාන්‍ය දැනීම වර්ධනය කිරීම වැනි කාර්යයන් මෙහිදී සිදු වේ.