සිංහල සාහිත්‍ය සංගමය

සාහිත්‍ය සංගමය

නු/වික්ටෝරියා ජාතික පාසලේ සාහිත්‍ය සංගමය කොටස් දෙකක් යටතේ සංගම් කාණ්ඩ දෙකක් යටතේ පවත්වාගෙන යනු ලබයි.

6,7,8,9 ශ්‍රේණි                - කණිෂ්ඨ අංශය

10,11,12,13 ශ්‍රේණි        - ජ්‍යෙෂ්ඨ අංශය

            වශයෙන් පාසල් අධ්‍යාපනයෙන් දරුවෙකු වැඩිම කාලයක් කැප කරනුයේ මව් භාෂා අධ්‍යාපනයටයි. භාෂාවක පොදු අරමුණ වන්නේද චතුර්විධ භාෂා කුසලතා වර්ධනයයි. පංති කාමරය තුල ඉගෙනුම් ඉගැන්වීම් වලට අමතරව දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා වර්ධනයත් භාෂා විෂයට ඉහල සාධන මට්ටමක් ලඟාකර දීමත්, වාග් මාලාව පෝෂණය තුලින් විද්‍යාත්මක හා තාක්ෂණික ආදී විශ්වශ්‍රැත ඥානය උකහා ගැනීම ආදී අරමුණු ඇතිව ඉතා සාර්ථකව මෙම සංගම් පවත්වාගෙන යනු ලැබේ.